අපරාධකරුවකුට වසර 110 ක සිර දඩුවමක්



සිව්දෙනෙකුට මරු කැඳවමින් රිය අනතුරක් සිදු කළේ යැයි චෝදනා ලැබ ඊට වරදකරු වූ අයකුට ඇමෙරිකන් අධිකරණයක් වසර 110ක සිර දඩුවම් නියම කර තිබේ.

එම තීන්දුව ලබාදී ඇත්තේ කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණයකි. රෝගල් ලාසරෝ නම් මෙම 26 හැවිරිදි රියදුරුට 2019 වසරේදී මාරක අනතුරක් සිදුකර සිවු දෙනකු ජීවිතක්ෂයට පත් කලේ යැයි චෝදනා එල්ල වී තිබුණි. එදා සිදුවුණු අනතුරින් පසු ගින්නක් හටගත් අතර එයින් වාහන රැසක් විනාශ විය.

අනතුර සම්බන්ධයෙන් එම රියදුරා වරදකරු බවට අධිකරණ තීන්දුව ලබා දුන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. රියදුරාට වසර 100ක් ඉක්මවූ සිරදඩුවම් නියෝග කර ඇත්තේ ඒ අනුවය.

තම රථයේ තිරිංග නිසි සේ ක්‍රියාත්මක නොවන බව දැන දැනම, අනතුර වළක්වා ගැනීමට පියවර නොගෙන සිටියේ යැයි ද රෝගල් ලාසරෝට චෝදනා එල්ල වී තිබුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තමන් හිතාමතා කාටවත් අනතුරක් නොකළ බව  ලාසරෝ අධිකරණයට පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS