අනුපම් කේර්ගේ පවුලේ අයට කොරෝනා



බොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළුවකු වන අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයන්ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ අනුපම් කේර්ගේ මවට, සොහොයුරාට, සොහොයුරාගේ බිරිඳට සහ තවත් ඥාතියකුටය.

පවුලේ සාමාජිකයන්ට කොරෝනා ආසාදනය වී ඇතත් තමන් කොරෝනා ආසාදිතයකු නොවන බව 65 හැවිරිදි අනුපම් කේර් පවසා ඇත. ඒ, ඔහු ‘කොවිඞ් 19’ ආසාදිතයකුදැයි සෙවීමේ වෛද්‍ය පරීක්ෂණවලට ලක් වීමෙන් පසුවය.

තම සොහොයුරාගේත් සොහොයුරියගේත් තත්ත්වය බරපතල නොවන බවත්, මව රෝහල් ගත කෙරුණු බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනුපම් කේර් පවසා ඇත.

මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS