අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදෙයි



එංගලන්තයේ පාසල් සඳහා නව ප‍්‍රතිසංස්කරන හඳුන්වා දීමට පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියයි.

බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් මෙසේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් මහ මැතිවරණයේ දී ලබා දුන් ඡන්ද පොරොන්දුවකට අනුවය.

‘අධ්‍යාපන කටයුතු සියල්ල කොරෝනා වයිරස වසංගතය හේතුවන් අඩපණ වුණා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමට ගත් උත්සාහය ඒ අනුව ප‍්‍රමාද වුණා. දරුවන්ට හොඳම දේ දීමයි අප කළ යුත්තේ. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කරන්නේ ඒ අනුවයි.’ යැයි අගමැති ජොන්සන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS