අදියර තුනක් යටතේ රට අරින්න සූදානම්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොක්ඩුන් කළ  ඕස්ටේ‍්‍රලියාව අදියර තුනක් යටතේ යළි විවෘත කරන බව  ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (7) නිවේදනය කළේය.

ප‍්‍රාන්ත මට්ටමින් මෙය සිදුවනු ඇති බවත්, පළමු අදියරේ දී අත්‍යාවශ්‍ය සේවා ආරම්භ වනු ඇති බවත් පුද්ගලයන් ඒකරාශී වීම 10 දෙනකුගේ සිට 20 දක්වාත් පසුව 100 දක්වාත් වැඩි කිරීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පෙන්වා දී ඇත.

මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 6,819 ක් ලෙස ඉහළ ගොස් ඇත. වයිරසය හේතුවෙන් මියගිය ගණන 97 කි. සුවය ලැබූ ගණන 6,031 කි.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS