අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය අගමැතිට අවාසියි



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අතුරු මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂය පරාජයට පත් විය. අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ ජනප්‍රියත්වය උරගා බැලුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කොන්සවර්ටිව් පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක් වූයේ, නෝර්ත් ෂ්රෝප්ෂයර් මැතිවරණ කොට්ටාශයේ බලය අහිමි වීමෙනි. 1983 වසරේ සිට නෝර්ත් ෂ්රෝප්ෂයර් කොන්සවර්ටිව් බලකොටුවක් වූ නමුත් මෙවර අතුරු මැතිවරණයේදී එහි බලය අල්ලා ගැනීමට සමත් වූයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

නෝර්ත් ෂ්රෝප්ෂයර් නියෝජනය කළ අපේක්ෂිකා හෙලන් මෝර්ගන්, ජයග්‍රහණය කළේ ඡන්ද 23,000 කට වඩා දිනා ගනිමිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු බ්‍රිතාන්‍යයේ තෙවැනි දේශපාලන බලවේගයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS