අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට අවාසියි



පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පරාජයට පත් විය.

අතුරු මැතිවරණය පැවැත්වූ‍ කයිබර් පක්තුන්ක්වා පළාතයේ. මෙය පාකිස්තානයට අයත් ප්‍රධාන පළාත් අතරින් එකකි. මැතිවරණ පරාජයත් සමග අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙසේ තීරණය කළ බව නිවේදනය කළේ එරට ජනමාධ්‍ය අමාත්‍ය ෆවුද් චෞද්‍රිය. ඒ ට්විටර් පණිවුඩයක් හරහාය.

(රොයිටර්)


RECOMMEND POSTS