අතවරයට ලක්වුණු ජපාන මාධ්‍යවේදිනියට වන්දි
දූෂණයට ලක් වුණු ජපාන මාධ්‍යවේදිනියක වන ෂියොරී ඊටෝ ට යෙන් මිලියන 3.3 ක් (ඇමෙරිකන් ඩොලර් 30,375.55) ක වන්දි මුදලක් ලබා දෙන්නැයි ටෝකියෝ අධිකරණයක් නියම කළේය.
ෂියොරී ඊටෝ දූෂණයට ලක් කළේ යැයි චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරු වූයේ රූපවාහිනී පුවත් නිවේදක නොරියුකි යමගූචීය.
ජපන් කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර සම්බන්ධයෙන් කාගේත් අවධානයට ලක් වුණු නඩු විභාගයක් ලෙස ෂියොරී ඊටෝගේ නඩු විභාගය සැලකිණි. ෂියොරී ඊටෝ දූෂණයට ලක් වූයේ 2015 දීය.
ඒ, ඇයට රැකියාවක් දෙනවා යැයි පවසමින්, නොරියුකි යමගූචී ඇය රාත්‍රී භෝජන සංග්‍රහයකට ගෙන්වා ගත් අවස්ථාවේදීය. නොරියුකි යමගූචී ජපාන අගමැති ෂෙන්සෝ අබේගේ සමීපතමයෙකි. එහෙයින් නඩු තීන්දුව සම්බන්ධයෙන් ජපානයේ බොහෝ දෙනකුගේ අවදානය යොමු වී තිබුණි.
ටෝකියෝහිදීය (අල් ජසීරා)