අගමැතිනියට බටහිර කාන්තාවන්ගේ සහාය



සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් මුල්කොට ගනිමින් අර්බුදයකට මුහුණ දී සිටින ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන්ට බටහිර රටවල කාන්තාවන්ගේ සහාය පළ වී ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ 36 හැවිරිදි අගමැතිනිය, මදුවිත තොල ගා ඇගේ යෙහෙළියන් සමඟ නටමින් විනෝද වන ආකාරයයි. එය අග්‍රාමාත්‍යවරියකට නුසුදුසු බවටත්, අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය භාවිත කරනවාදැයි දැකයක් පවතින බවටත් ෆින්ලන්ත විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්න විය.

තමන් මධුවිත පානය කළ නමුත්, මත්ද්‍රව්‍ය භාවිතයට නොගත් බව අග්‍රාමාත්‍යවරිය තරයේ පවසා ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිත කළා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට කැමැත්තෙන්ම සහභාගී වූවාය. එහි ප්‍රතිඵල අනුව තහවුරු වූයේ අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවය.

බටහිර රටවල කාන්තාවන්, අග්‍රාමාත්‍යවරියට සහාය පළ කර ඇත්තේ ඔවුන් සාදවලට සහභාගී වී, අග්‍රාමාත්‍යවරිය මෙන් නටමින් ගී ගයමින් හැසිරෙන වීඩියෝ සමාජ මාධ්‍යවලට එක් කරමින්ය. ‘අප සන්නා සමඟයි. අප ඇය තනි කරන්නේ නැහැ’ කියමින් බටහිර කාන්තාවන් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS