අගමැති පුතාට බලය පැවැරීම: කාම්බෝජ රජුගේ විරෝධයක් නෑ



කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් වූ අග්‍රාමාත්‍ය හුන් සෙන්, සති 3 ක කාලයකින් පසු ඔහුගේ වැඩිමල් පුතු සොන් හුන් මනෙට්ට බලය පැවැරීම සම්බන්ධයෙන් කාම්බෝජ රජුගේ විරෝධයක් නැතැයි පැවැසෙයි.

අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ සොන් හුන් මනෙට් නියෝජනය කරන කාම්බෝජ ජනතා පක්ෂයයි. කාම්බෝජ මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය සති අන්තයේය. එයින්, අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ප්‍රමුඛ කාම්බෝජ ජනතා පක්ෂය විශිෂ්ට ජයක් හිමිකරගත්තේය.

45 හැවිරිදි සොන් හුන් මනෙට් ද පියාගේ මඟ පෙන්වීම යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔහුට පළමු වරට පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට ද හැකිවිය.

මැතිවරණ ප්‍රචාරක රැලිවලට අග්‍රාමාත්‍ය හුන් සෙන් ඉදිරිපත් වූයේ පුතු සොන් හුන් මනෙට් ද සමඟය. යළි බලයට පත්වුවහොත් පුතුට බලය පවරන බව හුන් සෙන් කල්තියා පවසා තිබුණි.

70 හැවිරිදි හුන් සෙන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර 38 ක් තිස්සේය. තමන් මැතිවරණය ජයග්ර හණය කළොත් පුතුට බලය පවරන බව හුන් සෙන්, කාම්බෝජයේ නොරෝඩොම් රජුට ද දැනුම් දී ඇති අතර, රජුගේ අනුමැතිය ද ඊට හිමිවී තිබේ. කාම්බෝජය අග්නිදිග ආසියානු රාජයකි. ජනගහනය මිලියන 16.59 කි. නොම් පෙන් කාම්බෝජයේ අගනුවරය.


RECOMMEND POSTS