අගමැති ධුරයේ සිටියා නම් රුසියාවෙන් තෙල් ගන්න තිබුණා



ඉන්දියාව සිදු කරන ආකාරයට, තමාගේ රජයට ද රුසියාවෙන් වට්ටම් සහිතව බොර තෙල් මිලදී ගැනීමට අවශ්‍ය වුවත්, තම රජයට බලය අහිමි වූ බැවින්, එය සිදු කිරීමට නොහැකි වූ බව, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

තමන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වී, තම රජය කඩා වැටීම හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඉම්රාන් ඛාන් පැහැදිලි කර තිබේ.

ඉම්රාන් ඛාන් මෙසේ පැවැසුවේ, වීඩියෝ පණිවිඩයක් නිකුත කරමිණි. එහි සඳහන් වූයේ ‘අපිටත් අවශ්‍ය වුණා ඉන්දියාව වගේ වට්ටම් සහිතව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට නමුත් ඉදිරිපත් වූ විශ්වාසභංගය හේතුවෙන් අප රජය කඩා වැටීමෙන් එය සිදු කිරීමට නොහැකි වුණා’ යනුවෙනි.

පසුගිය වසර 23 ක කාලය තුළ මොස්කව් හි සංචාරය කළ එකම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වී ඇත.නමුත් ඔහුට එම අවස්ථාවේ පාකිස්තානයට වාසි දායක ගිවිසුමකට එළඹීමට අවස්ථාව නොලැබින.

රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වන දිනයේ ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් සිටියේ මොස්කව් නුවර නිල සංචාරයේය.

(රොයිටර්)


RECOMMEND POSTS