අගමැති ජොන්සන්ගෙන් ප්‍රකාශයක්
බලාපොරොත්තු තබා ගත හැකි ඔක්ස්ෆර්ඞ් එන්නත සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.
‘ඔක්ස්ෆර්ඞ් එන්නත සාර්ථක වන බවක් පෙනෙනවා. එයින් අදහස් වන්නේ එන්නතක් නිපදවා ඇතැයි යන්න නොවෙයි. තවමත් කොරෝනා නසන්න හෝ කොරෝනාවලින් ආරක්ෂා වෙන්න හෝ එන්නතක් නැහැ’ යැයි අගමැති බොරිස් ජොන්සන් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට අමතරව, මහා බි්රතාන්යයේ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් ද ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් නිපදීම කෙරෙහි යොමු වී සිටී. එම සමාගම් වන්නේ බයෝටෙක් ෆිල්සර් සහ වැල්නේවාය. බි්රතාන්ය පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, මෙම සමාගම් නිර්මාණය කරමින් පවතින එන්නත් ද අවසන් අදියරට ළං වී ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ රටවල් 23 ක්, එන්නත් 96 ක් නිර්මාණයට දායක වී සිටින බවත්, තවත් එන්නත් 140 ක් නිර්මාණය සඳහා වෛද්‍ය පර්යේෂකයන් සහ වෛද්‍ය සමාගම් යොමු වී සිටින බවත් පැවැසෙයි.
(රොයිටර්)