අගමැති ජොන්සන් උතුරු අයර්ලන්තයට



බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකර ගත් පාලක කොන්සවටිව් පක්ෂ නායක අගමැති බොරිස් ජොන්සන් අයර්ලන්තයේ සංචාරය කළේය.

අයර්ලන්තය වැසියන් බොහෝ දෙනකු සාම්ප‍්‍රදායික වශයෙන් සහාය ලබා දෙන්නේ කොන්සවටිව් පක්ෂයට නොව, ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයටය.

කෙසේ නමුත් මෙවර මහ මැතිවරණයේ දී උතුරු අයර්ලන්ත වැසියෝ වැඩිදෙනා කොන්සවටිව් පක්ෂයට ඡුන්දය ලබා දී තිබේ. කම්කරු පක්ෂයේ බලකොටු රැුසක් මෙවර එම පක්ෂයට අහිමි වී ගියේය.

අගමැති ජොන්සන් එම වැසියන් හමුවීමට ගොස්, කොන්සවටිව් පක්ෂයට ඡුන්දය දීම සම්බන්ධයෙන් ස්තුති කළේය. ‘ඔබ සැම මා කෙරෙහි තැබූ විශ්වාසය මා අගය කරනවා. මා කිසිම අවස්ථාවක ඔබේ විශ්වාසය කඩන්නේ නැහැ’ යැයි පැවැසුවේය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS