අඛණ්ඩව දෙවැනි වරටත් පදනම් අංක 75කින් ඉහළට



අඛණ්ඩව දෙවැනි වරටත් පදනම් අංක 75කින් ඉහළ නැංවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව පියවර ගෙන ඇත.

වේගයෙන් ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ෆෙඩරල් රිසව් බැංකුව මෙම පියවර ගෙන තිබේ.

උද්ධමනය ඉහළ අගයක පවතින අතරම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වියදම් කිරීම් සහ නිෂ්පාදනය සුමට තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රතිපත්ති සම්පාදකයෝ කීහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව පසුගිය මාස කිහිපයේදීම පොලී අනුපාත ඉහළ නංවමින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට පියවර ගත්තේ ය. ඒ අනුව මේ වනවිට එහි ප්‍රතිඵල යම් දුරකට ලැබෙමින් තිබෙන බව ද පැවසේ.

මීට අමරතරව කැනඩාව, නවසීලන්තය, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක මහ බැංකු මේ වනවිට සිය පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර යුරෝපීය මහ බැංකුව ඉකුත් සතියේ දී සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත ඉහළ දැම්මේ ය.

යුරෝපා මහ බැංකුව මෙම පියවර ගත්තේ 2011 වසරෙන් පසුව ය.

රොයිටර්


RECOMMEND POSTS