අක්‍රිය චන්ද්‍රිකාව මූදට වැටෙන්න සලස්වයි



පෘථිවි කක්ෂයේ තිබූ අක්‍රිය වූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ.

‘ඒලොස්’ නමැති මෙම චන්ද්‍රිකාව, බි්‍රතාන්‍යයේ එයාර්බස් සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි. මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක යැයි බව පැවැසෙයි.

2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, සිය මෙහෙයුම් අවසන් කරමින් අක්‍රිය වූයේ මිට වසර 5 කට පෙරය.

චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු බැවින්, චන්ද්‍රිකාවේ ලේසර් මග පෙන්වීමේ තාක්ෂණය යොදා ගනිමින්, එම උපාංග යළි පණ ගන්වා, චන්ද්‍රිකාව අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට සැලැස්විණි.


RECOMMEND POSTS