5 කට මරණ දඩුවම
මරණ දඩුවම නියම වී, සිරදඩුවම් විඳින, අපරාධකරුවන් පස් දෙනකුගේ මරණ දඩුවම ක්රියාත්මක කිරීමට ධුරයෙන් නික්ම යෑමට සැරසෙන ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයෙන් පරාජය වී, මීළඟ ජනාධිපති සමඟ බලය හුවමාරු කරගන්නා අවස්ථාවක, ඇමෙරිකන් ජනාධිපතිවරයකු සිරකරුවන් පස් දෙනකුගේ මරණ දඩුවම ක්රියාත්මක කිරීමට නියෝග කළ පළමු අවස්ථාව ද මෙය ලෙස සැලකෙයි.
නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂා කළ ඩොනල්ඩ් ට්රම්ප් පරජයට පත් විය. ඒ අනුව, ලබන 2021 ජනවාරි 19 වැනිදාට පෙර ට්රම්ප් ධුරයෙන් ඉවත් විය යුතු වෙයි. ඊට හේතුව, නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දෙනු ඇත්තේ ජනවාරි 20 වැනිදාය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)