5-11 ත් දරුවන්ට කොරෝනා එන්නත්



ඇමෙරිකාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින් එරට අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද එන්නත් ලබා දීමට ධවල මන්දිරය තීරණය කර ඇත. ධවල මන්දිරය මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුවය.

අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද ලැබෙනු ඇත්තේ 'ෆයිසර්' එන්නත බව ද පැවැසෙයි. මේ වනවිටත් ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවෙයි. අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම ලබන අට වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

(ඒ.ඒෆ්.පී.)

 


RECOMMEND POSTS