30 ක් ප්‍රාණ ඇපයේ



පිලිපීනයේ මැනිලා දිස්ත්‍රික්කයේ සැන් යුවාන් පළාතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයකු වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල තුළ සිටි 30 දෙනකු ප්‍රාණ ඇපයට ගත්තේය.

ආයුධ සන්නද්ධ එම පුද්ගලයා කඩා වැදුණේ ‘වී මෝල්’ වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලට යැයි පැවැසිණි. එම පුද්ගලයා මෙම වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරියකු ලෙස සේවය කළ අයකු බවත්, විනය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සේවයෙන් නෙරපා දැමූ අයකු බවත් මැනිලා පොලිස් නිලධාරීහු පසුව අනාවරණය කර තිබුණි.

පොලිස් නිලධාරීන් වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල වට කළ බවත් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුමක් ආරම්භ කළ බවත් පිලිපීන පුවත් සේවා  වාර්තා කළේය.

මැනිලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS