2024 වසරේ ධුරයට සමුදෙනවා
වසර 2024 දී තමන් ජනාධිපති ධුරයෙන් සමුගන්නා බවත්, ඉන්පසු දේශපාලනයේ රැඳී නොසිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
2024 දී ධුරයෙන් සමුගන්නා බව රුසියානු ජනාධිපති පුටින් පැවැසුවේ, වාර්ෂික මාධ්‍ය හමුවේදීය. පුටින් රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2000 දීය. ජනපති පුටින් සෑම වසරක් අවසානයේ ම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි.
සාම්ප්‍රදායිකව පැවැත්වුණු මාධ්‍ය හමුව පැය 4 1/2 ක් පුරා පැවැත්විණි. මාධ්‍ය හමුවේ දී පුටින් ඔහුගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් රජයේ සංවර්ධන කටයුතු සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළේය. මාධ්‍ය හමුවට මාධ්‍යවේදීහු 1,800 ක පිරිසක් එක්වී සිටියහ.
මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)