2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්



ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය.

බයිඩන් මේ බව නිවේදනය කළේ, ඩිමොක්‍රටිකන් පක්ෂයේ ද අනුමැතිය ඔහුට හිමිවීමෙන් අනතුරුවය. බයිඩන්ගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කමලා හැරිස් පවසා ඇත්තේ, තමන් ද යළි උප ජනාපධිති ධුරය වෙනුවෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය.

80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. 2024 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තවත් අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් වනු ඇත. 2024 ජනාපධිති අපේක්ෂකයා වීමට නම්, ඔවුන් අතර පැවැත්වෙන තරගයෙන් ද ජය ගැනීමට බයිඩන්ට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS