19 වැනිදා නවසීලන්තයේ විශේෂ නිවාඩු දිනයක්



දෙවැනි එලිසබත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යය පැවැත්වෙන සැප්තැම්බර් 19 වැනිදා, රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පියවර ගෙන තිබේ.

දෙවැනි එලිසබත් මහ රුජින නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ රාජ්‍ය නායිකාවය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32 ක රාජ්‍ය නායිකාව වූයේ ද එලිසබත් මහ රැජිනය. රුජිනගේ අභාවයෙන් පසු නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනෙන්නේ මහ රැජිනගේ වැඩිමල් පුතු තෙවැනි චාල්ස් රජුය.

මේ අතර, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ දෙවැනි එලිසබත් මහ රැජින වෙනුවෙන් ඕස්ට්‍රේලියා රජය විශේෂ ගුණ අනුස්මරණ උත්සවයක් සැප්තැම්බර් 22 වැනිදා පවත්වන බවත් එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS