16 දෙනකුගේ සිරුරු ආපසු වියට්නාමයට
නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප්‍රාන්තයේ කන්ටේනර් ට්‍රක් රියෙන් හමුවුණු වියට්නාම් ජාතිකයන් 39 දෙනාගෙන් 16 දෙනකුගේ සිරුරු ආපසු වියට්නාමයේ ඔවුන්ගේ පවුල් වෙත බාරදීම සිදුවිය.
ඉතිරි 23 දෙනාගේ සිරුර ද එලැඹෙන දින කිහිපයේ දී වියට්නාමයට එවීමට බි්රතාන්ය බලධාරීන් කටයුතු කරනු ඇතැයි වියට්නාම් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම 39 දෙනා උත්සාහ ගෙන ඇත්තේ අනවර සංක්‍රමණිකයන් ලෙස කන්ටේනර් ට්‍රක් රියේ සැඟවී ලන්ඩන් පැමිණීමටය. කෙසේ නමුත් අධික සීතල නිසාත් හුස්ම ගැනීමට නොහැකි වූ නිසාත් ඔවුහු මියගියහ.
ට්‍රක් රියේ රියදුරු 25 හැවිරිදි අයර්ලන්තයේ පදිංචි මොරිස් රොබින්සන් එම වියට්නාම් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව බි්රතාන්ය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. ලන්ඩන් පොලිස් නිලධාරීන් මොරිස් රොබින්සන් අත්අඩංගුවට ගත්තේ ට්‍රක් රිය සෝදිසි කරද්දී මළසිරුරු හමුවීමත් සමඟය.
බන්ධනාගාරයේ සිට ලන්ඩන් අධිකරණය හමුවේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ පෙනී සිටි මොරිස් රොබින්සන් ප්‍රකාශයක් කරමින් සංක්‍රමණිකයන්ගේ මරණ සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බව ප්‍රකාශ කළේය. මොරිසන්, මිනිස් ජාවාරම් කල්ලියකට සම්බ්නධ රියැදුරෙකි.
එම ජාවාරම් කල්ලිය නීතියේ රැහැනට හසුකර ගැනීම සම්බන්ධයෙන් බි්රතාන්ය පොලිසිය, අයර්ලන්ත පොලිසිය පරීක්ෂණ පවත්වන බව පැවැසෙයි. සිද්ධියට සම්බන්ධව තවත් අයර්ලන්ත වැසියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
හැනොයිහිදීය (ඒ.එෆ්.පී.)