100 ක් ආයෙත් ලෙඩ වෙලා



සම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් බලා ගොස් සිටි දකුණු කොරියානුවන් 116 දෙනකුට යළි ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

සුවය ලැබූ ආසාදිතයන් යළි රෝගී වීමට පටන් ගත්තේ පසුගිය සතියේ සිටය. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එය වයිරසයේ ‘දෙවැනි රැල්ල’ යනුවෙනි. යළි වයිරස ආසාදිතයන් නිරෝධායනය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මේ වනවිට දකුණු කොරියාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 10,000 කට වැඩියෙන් හමුවී ඇත. මරණ සංඛ්‍යාව 200 පසු කර තිබේ. ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය මැද දකුණු කොරියාව පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පැවැත්වීමට කටයුතු කළේය. ඒ, විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS