‘පැන්ෆොන්’ සුළි කුණාටුව පිලිපීනයට කඩාවදී



පැයට කිලෝ මීටර් 195 ක වේගයකින් නත්තල් දා (25) පිලිපීනයට කඩා වැදුණු ‘පැන්ෆොන්’ නමැති සුළි කුණාටුවට බිලිවුණු ගණන 21 යැයි පිලිපීන බලධාරීහු පවසති.

‘පැන්ෆොන්’ සුළි කුණාටුය හමා ගියේ  මධ්‍යම පිලිපීනය හරහා ය.  සුළි කුණාටුව හේතුවෙන් දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ගිය බව ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා සඳහන් කර තිබේ. සුළි කුණාටුවෙන් ගම්මාන රැසකට හානි සිදුවිය. සුළි කුණාටුවත් සමඟ මහ වැසි ඇද හැලුණු බවත්, පළාත් රැසක් ජලයෙන් යටවී ගොස් ඇති බවත් වාර්තා වේ.

මැනිලා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS