‘ටික්ටොක්’ තහනමකට පාකිස්තානය සැරැසෙයි



රජයේ උපදෙස් අනුව, චීන ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය පාකිස්තානය තුළ තහනම් කිරීමට පියවර ගන්නා බව එරට විදුලි සංදේශ නියාමන කොමිසම පවසා ඇත.

‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය මාධ්‍යය පාකිස්තාන සමාජයට නොගැලපෙන නිසා මෙම තීරණය ගන්නා බව පාකිස්තාන විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ වනවිට අසල්වැසි ඉන්දියාව ද ‘ටිකෝටොක්’ තහනමක් පනවා ඇත. ඒ, චීනයට විරෝධය පළ කරමිණි. ඉන්දියාව චීනයට විරෝධය පළ කර ඇත්තේ තෙරට අතරේ පවතින දේශසීමා අර්බුදය සම්බන්ධයෙනි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS