‘කෝවිඞ් 19’ වයිරසය විකෘති වෙන්නේ නෑ
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මනුෂ්‍ය අප අතරේ පැතිරෙන්නේ එකම ආකාරයට බවත්, එහි විකෘති දකින්න නොලැබෙන බවත් වයිරසය සම්බන්ධයෙන් එන්නතක් නිපදවීමට උත්සාහ ගන්නා වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
බැක්ටීරියා ආසාදන සම්බන්ධයෙන් බෙහෙත් ඇතත්, වයිරස සම්බන්ධෙයන් බෙහෙත් නැත්තේ වයිරස පුද්ගලයන් අතරේ විකෘතිවෙමින් පැතිරෙන බැවිනි. වයිරස සම්බන්ධයෙන් එන්නත් හෝ බෙහෙත් නිපදවීම ඒ අනුව අසීරුය.
‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය සම්බන්ධයෙන්, ජගත් වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, වයිරසයේ විකෘතිවීම් දකින්න නොලැබෙන බැවින් නිර්මාණය වන එක සාර්ථක එන්නකින් පමණක්, වයිරසය මැඬලීමට හැකිවනු ඇති බවය.
වයිරසය මැඬලීමට තවමත් කිසිදු එන්නතක් හෝ ඖෂධයක් හෝ නිපදවා නැත. ඇමෙරිකාව එන්නතක් අත්හදා බලා ඇති අතර, එහි ප්‍රතිඵල ලැබෙනු ඇත්තේ තව මාස කිහිපයකින් යැයි පැවැසෙයි.
වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස විවිධාකාරයේ ඖෂධ වර්ග 100 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයන්ට ලබා දීමසිදුවෙයි. ඒ අතරින් ජපන් වෛද්‍ය පර්යේෂකයන් විසින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වෙනුවෙන් සකස් කළ ‘ඇවිගන්’ නමැති ඖෂධය මෙන්ම මැලේරියා නාශක ඖෂධ කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේදීය (රොයිටර්)