‘කොවිඞ් 19’ සිහිවිකල් කරනවා
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇතැමුන්ගේ සිහි විකල් වන බව ඕස්ටේ්රලියා වෛද්‍යවරු පවසති.
නොයෙක් දේවල් පෙනෙන්න පටන් ගැනීම සහ ඇසෙන්න පටන් ගැනීම සිහි විකල්වීම හරහා සිදුවෙයි. මෙසේ මානසික ගැටලූ මතුවන්නේ ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස ආසාතියන් ගෙන් සියයට 2 ක පිරිසකට පමණක් බව සිදුකළ අධ්‍යයනවලින් තහවුරු වී ඇතැයි ද ඕස්ටේ්රලියානු වෛද්‍යවරු වැඩිදුරටත් පැහැදිලි කරති.
‘කොවිඞ් 19’ වයිරස අසාදිතයන්ට ස්නායු ආබාධ ඇති වන බවත් එමගින් ගඳ සුවඳ නොදැනී යන බවත් ඇමෙරිකන් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
වයිරසයෙන් එල්ල වන බලපෑම පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වන අයුරු මෙයින් පැහැදිලි වෙයි. මේ අතර, බි්රතානයයේ කුඩා දරුවන් බොහොමයකගේ පළමු රෝග ලක්ෂණ වී ඇත්තේ උණ සහ පාචනයයි.
මෙල්බර්න් (රොයිටර්)