ෆොක්ස් නාළිකාවට දොස් කියයි



තමන් හමුදා සොල්දාදුවන්ට අපහාස කළේ ව්‍යාජ පුවත පළමුවෙන් වාර්තා කළේ ෆොක්ස් පුවත් නාළිකාව යැයි පවසමින්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නාළිකාවට දොස් නගා ඇත.

 

ෆොක්ස් පුවත් නාළිකාව පසුගිය දා වාර්තා කළේ ඇමෙරිකන් ජනාධිපති පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූ හමුදා සොල්දාදුවන් ‘කිසිම කමකට නැති පිරිසක්’ යනුවෙන් හඳුන්වා දුන් බවය.

කෙසේ නමුත් තමන් එලෙස හමුදා විරුවන්ට අගෞරව නොකළ බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

ෆොක්ස් පුවත් නාළිකාවේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ පුවත් වාර්තා කරන මාධ්‍යවේදිනිය ජෙනිෆර් ග්‍රිෆින් වහා ඉල්ලා අස්විය යුතු යැයි ද ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS