ෆීජි දූපත් කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් කරයි



පැසිෆික් සාගර කලාපයේ දූපතක් වන ෆිජි දූපත කොවිඩ් නයින්ටීන් වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

 

එරට අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම ප්‍රකාශ කර ඇත්තේ වෛරසයට එරෙහිව කැපවීමෙන් කටයුතු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණය උදා කර ගැනීමට හැකි වූ බවය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අවම වශයෙන් වාර්තා වූ රටක් ලෙස ෆිජි දූපත සැලකෙන අතර පසුගිය මාර්තු මාසයේදී එරටින් පළමු ආසාදිතයා හදුනාගැනුණි.

ෆිජි දූපතෙන් වෛරස ආසාදිතයින් 18 දෙනෙකු හදුනාගැනුණු අතර ඔවුන් සියළු දෙනාම මේ වන විට සුවය ලබා තිබේ.

පැසිෆික් කලාපයේ රටවල පවතින අඩු සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් කොවිඩ් නයින්ටින් වෛරසයේ අවදානම් වැඩි කලාපයක් ලෙස ලෝක සෞඛ්‍ය විශේෂඥයින් විසින් එම රටවල් හදුන්වා දී තිබුණි.

කෙසේවෙතත් දේශ සීමා වසා දමා දමමින් විදෙස් සංචාරකයින් රට තුළට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් ෆිජි දූපතෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීම අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි

RECOMMEND POSTS