ෆින්ලන්ත මුදල් ඇමැතිනියට විරෝධයක්
ෆින්ලන්තයේ නව මුදල් ඇමැතිනිය කට්රී කුලුමුනීට චෝදනා එල්ල වී ඇත. ඒ ඇය ඇගේ ඉස්ටග්රෑම් ගිණුම ඔස්සේ කළ අදහස් දැක්වීමක් මුල්කොට ගනිමිනි.
කට්රී කුලුමුනී ඉස්ටග්රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ ජනමත විමසුමක් පවත්වා, සිරියාවට ගොස් අයි.එස්. ත්රස්තවාදීන් සමඟ එක් වුණු ෆින්ලන්ත තරුණියන් හෝ ඔවුන්ගේ දූ දරුවන් හෝ ආපසු ෆින්ලන්තයට ගෙන්වා ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි කියාය.
කට්රී කුලුමුනී (32) ෆින්ලන්තයේ මුදල් ඇමැතිනිය වූයේ පසුගිය සතියේය. ඒ, එම ධුරයේ කටයුතු කළ සානා මරීන් (34) ට පාලක පක්ෂයේ නායකත්වය හිමිවීමත් ඒ සමඟ ඇයට ෆින්ලන්ත අගමැති ධුරය හිමිවීමත් නිසාය. සානා මරීන් ලොව ළාබාලතම අගමැතිනිය වන්නීය.
(අල් ජසීරා)