ෆ්ලොයිඩ්ගේ පවුලේ අය හමුවෙලා



පොලිස් අත්අඩංගුවේ සිටිද්දී හුස්ම හිරවී මියගිය ඩිමොක්‍රටික් පාක්ෂික ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන්, ටෙක්සාස් ජනපදයේ හූස්ටන්හි පදිංචි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් හමුවට ගොස් සොව පළ කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතු බව තමන්ගේ ද විශ්වාසය බව ජෝ බයිඩන් පවසා තිබේ. බයිඩන්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාතීන් හමුවී පැයක් පමණ වේලා ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ද පැවැසෙයි.

මෙම නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.
‘කොවිඩ් 19’ වයිරස වසංගත ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත්වීම මෙන්ම, ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණයක් ඉල්ලා වීදි බැස විරෝධතා පවත්වන පිරිස් මර්දනයට අණ කිරීම හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය සිදු කළ ජනමත සමීක්ෂණවලින් හෙලි වී තිබේ.

මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර දී පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ජීවිතක්ෂයට පත් වුණු 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර වැසියෙකි. පසුගිය සති අන්තයේ දේහය ටෙක්සාස් නුවරට ගෙන එනු ලැබුණි. ඒ විශේෂ සෞඛ්‍ය උපදෙස්වලට අනුවය. ඊට හේතුව සිදු කළ මරණ පරීක්ෂණයේ දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඌණ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූ බැවිනි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් කටයුතු සිදුවෙද්දී හූස්ටන් නගරය පුරා විශේෂ ගුණ සැමරැම් ද පැවැත්විණි. දහස් ගණනක් හූස්ටන් වැසියෝ කළු සුදු භේදයකින් තොරව, පැවැති අධික උණුසුම සහ කොරෝනා අවදානම නොතකමින් ඊට සහභාගී වූහ. හූස්ටන් දේවස්ථානවල ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්විණි.

හූස්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS