ළිං කුහරයේ සිරවුණු ඉන්දීය දරුවා මියයයි



ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිං කුහරයනට වැටී, අඩි 55 ක් පහළ සිරවී සිටි තන්මේ සාහු නමැති අට හැවිරිදි දරුවා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සාහු ළිඳට වැටී සිරවූයේ පසුගිය 6 වැනිදාය. පැය 65 ක මුදවා ගැනීමේ මෙහෙයුමකින් පසු මුදවා ගැනීමේ කණ්ඩායම් සාහු වෙත ළඟා වුවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS