හොංකොං වැසියන් හැමෝම කොරෝනා පරීක්ෂණවලට



චීන රජයේ ද සහාය ඇතිව, හොංකොං වැසියන් සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කිරීම අනිවාර්ය කරන බව  හොංකොං පාලිකා කැරී ලෑම් පවසයි.

හොංකොං හි පවතින්නේ චීන හිතනාදී පාලනයකි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ බලපෑම හේතුවෙන් හොංකොං හි ‘කොවිඩ් 19’ දරුණු ලෙස ව්‍යාප්තිය සිදුවෙයි. රෝහල් ධරිතාව ද උපරිම සීමාව පසු කර තිබේ.

හොංකොං කොරෝනා ව්‍යාප්තිය වහා පාලනය කරන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් හොංකොං පාලිකා කැරී ලෑම් ට උපදෙස් දී තිබේ. හොංකොං හි ජනගහන මිලියන 7.4 කි.

(රොයිටර්)


RECOMMEND POSTS