හොංකොං නීති දැඩි කෙරේ
‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමත් සමඟ හොංකොං සඳහා යළිත් වරක් තහංචි පැනැවීමට හොංකොං සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
වයිරස ව්‍යාප්තිය අඩු වෙද්දී, විවෘත කළ පාසල් සියල්ල පසුගිය සඳුදා (13) සිට යළි වසා දැමුණි. අවන්හල් විවෘතව තැබිය හැක්කේ සවස 6 තෙක් පමණි.
වයිරස ව්‍යාප්තියත් සමඟ නිවසින් පිටතට යන සෑම කෙනකුම මුහුණු ආවරණ පැලැඳිය යුතු බවට නීතියක් පනවා ඇති අතර, මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්නේ නම්, ඇමෙරිකන් ඩොලර් 650 ක දඩ මුදලක් අය කෙරේ.
හොංකොං යනු චීනයට අයත්, වෙනම පාලනයක් සහිත පාලන ප්රදේශයකි. පසුගිය ජූලි 6 වැනිදා සිට මේ දක්වා හොංකොංවලින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 300 කි. එයින් 220 දෙනකු හොංකොං තුළින් හමුවුණු ආසාදිතයන් බවත්, ඉතිරි ආසාදිතයන් විදේශවලින් ආ හොංකොං ආසාදිතයන් බවත් හොංකොං සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
හොංකොංහිදීය (රොයිටර්)