හෙයිෂින් සුළි කුණාටුව ජපානයට
මහ වැසි සහ තද සුළං ද සමඟ ‘හෙයිෂින්’ නමැති සුළි කුණාටුව දකුණුදිග ජපානය හරහා හමා ගියේය.
සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 234 ක වේගයකිනි. ජීවිත හානි සිදු නොවුණත් දෙදෙනෙකු තුවාල ලැබූ බව ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇගවීම් කර තිබුණු අතර අනාරක්ෂිත ප්‍රදේශවල විසූ ලක්ෂයකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇත්තේ කගොෂිමා, කුමමටෝ, නාගසාකී සහ ඔකිනාවා පළාත්වලටය.
ධුරයෙන් ඉවත් වීමට තීරණය කර සිටින අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ, හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ජනතාවට අවශ්‍ය ආධාර උපකාර කිරීමට උපදෙස් දුන්නේය.
සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා හි නිවාස 3,000 කට විදුලිය අහිමි වී ඇති බවත්, අමම්මියෝෂිමා හි නිවාස 8,000 කට විදුලිය අහිමි වී ඇති බවත් වාර්තා වේ.
ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)