හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නෙහැකි යැයි ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් ඉවත් වී, ඉන්දියාවට පලා ගොස් සැඟවුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා කියයි.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ෂෙයික් හසීනා බලයෙන් නෙරපා දැමීමෙන් පසු, හින්දු පූජකවරුන්ටත්, හින්දු වැසියන්ටත් මුස්ලිම් වැසියන්ගෙන් හිරිහැර සිදුවෙමින් පවතී.
බංග්ලාදේශයේ ආගමික නිදහස අවශ්‍ය බවත්, අන්තර්වාර පාලක මණ්ඩලය සියලු ආගම්වලට ගරු කළ යුතු බවත් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා අවධාරණය කර ඇත.