හිටපු ජනපති සූමා යළි බන්ධනාගාරයට



අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය නිර්දේශ මත විශේෂ සමාවක් ලබා බන්ධනාගාරයෙන් නිදහස් වූ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති 79 හැවිරිදි ජේකොබ් සූමා යළි බන්ධනාගාර ගත කරන්නැයි එරට මහාධිකරණය නියෝග කර ඇත.

සූමා, දූෂණ වංචා චෝදනාවලට වරදකරු වූයේ පසුගිය සැප්තැම්බරයේය. ඔහුට මාස 15 ක සිර දඩුවමක් හිමිවී තිබුණි. කෙසේ නමුත් මාස කීපයක් ගත වෙද්දී, සූමා විශේෂ සමාවක් යටතේ නිදහස ලැබුවේ, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. මේ වනවිට දකුණු අප්‍රිකා මහාධිකරණය පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට එසේ විශේෂ සමාවක් දීම නීති විරෝධී බවත් ඔහු යළි වහාම බන්ධනාගාර ගත කළ යුතු බවත්ය.

(රොයිටර්)

 


RECOMMEND POSTS