හිටපු අගමැතිනී ජැසෙන්ඩාට ඉහළම ගෞරව සම්මානය



නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට එරට ඉහළම ගෞරව සමමානය පිරිනමා තිබේ. ඒ ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස ලබා දුන් නායකත්වය විශේෂ ඇගයීමට ලක් කරමිණි.

ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියට සුදු අන්තවාදියකු කඩා වැදී වෙඩි තැබුවේත්, නවසීලන්තය ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේත් ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දීය.

2019 වසරේ සිදුවුණු එම සුදු අන්තවාදී ප්‍රහාරයෙන් පසු රට තුළ වාර්ගික සමගිය පවත්වාගෙන යෑමට ජැසෙන්ඩා කටයුතු කළාය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ රට ලොක්ඩවුන් කරමින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මනා ලෙස පිළිපැඳීමට ජැසෙන්ඩා බලධාරීන්ට සහ ජනතාවට උපදෙස් දුන්නාය. මේ හේතුව නිසා ඇය ලෝක සෞඛ්‍ය සංධොනයේ ද පැසැසුමට ලක් වූවාය.

42 හැවිරිදි ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම පාලක පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වූයේ මෙම වසර මුලදීය. ඒ, තමන් දේශපාලනයෙන් සමුගෙන තම දියණිය වෙනුවෙන් කැප වෙනවා යැයි පවසමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS