හිජාබ් තහනමට එරෙහිව විරෝධතා



කර්ණාටක ප්‍රාන්තයේ සිසුවියන්ට හිජාබය පැලැඳීම තහනම් කිරීමට හින්දු ජාතිකවාදීන් කටයුතු කිරීමත් සමඟ ඊට එරෙහිව මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ වී තිබේ.

විරෝධතා සඳහා එක් වුණු බහුතරය කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් ද වැඩි දෙනා මුස්ලිම් පාසල් සිසුවියන්ය. පසුගිය දින කීපය පුරාවට හින්දු ජාතිකවාදී කණ්ඩායම්, හිජාබය පැලැඳීම තහනම් කරමින් මුස්ලිම් සිසුවියන්ට බලපෑම් කරන්න වූයේ එය අධ්‍යාපන අමත්‍යාංශයේ නියෝගයක් බව පවසමිනි.

ඒ අනුව කර්ණාටක ප්‍රාන්තටේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පාසල් කීපයක් වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. මේ වනවිට නවදිල්ලි අගනුවර පාසල්වලද හින්දු ජාතිකවාදී කණ්ඩායම්වලට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS