හර්යානා - ජම්මු කාශ්මීර් මැතිවරණ ප්‍රතිඵල එළියට



ඉන්දියාවේ හර්යානා සහ ජම්මු කාශ්මීර් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණි.

හර්යානා ප්‍රාන්තයේත්, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේත් ප්‍රාන්ත සභා ආසන 90 කින් යුක්තය. තියුණු සටනකින් පසු හර්යානා ප්‍රාන්තයේ තෙවැනි වරටත් බලය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් විය. 

හර්යානා ප්‍රාන්තයේ ආසන 90 න්, ආසන 48 ක් දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වූ අතර, විපක්ෂය වන කොංග්‍රසය දිනා ගත්තේ ආසන 36 ක් පමණි.

ජම්මු කාශ්මීරයේ ආසන 90 න්, කොංග්‍රස් පක්ෂය ආසන 50 ක් දිනාගත් අතර භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 26 ක් පමණි.


RECOMMEND POSTS