හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් දෙන්නේ නැහැ
ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස්වලට ගරු කරන බවත්, මැලේරියා නාශක ඔසුවක් වන 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට ලබා නොදෙන බවත් යුරෝපා රටවල් රැසක් පවසයි.
'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' යනු වසර 40 ක් තිස්සේ පවතින මැලේරියා නාශක ඔසුවකි. කොස් නමුත් මෙහි අතුරු ආබාධ බහුලය. බෙහෙත ලබා දෙන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේය.
'කොවිඩ් 19' සඳහා නිසි ප්‍රතිකර්මයක් නොවුණත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ට 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' ලබා දීම සිදුවිය. ඒ වෙනත් විකල්පයක් නොවූ බැවිනි. කෙසේ නමුත් එසේ 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' ආසාදිතයන් දින කීපයක් ඇතුළත පූර්ණ සුවය ලබා ඇත.
'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' පළමුවෙන්ම 'කොවිඩ් 19' ආසාදිතයන්ට ලබා දුන්නේ ප්රංශයයි. තමන් සෑම දිනකම 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' පෙත්තක් බොන බවත්, එනිසා තමන්ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීමෙන් වැලැකී සිටීමට හැකි බව ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අතුරු ආබාධ වැඩි බැවින් 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' ලබා දීම මගින් 'කොවිඩ් 19' රෝගීන්ට කරන ප්‍රතිකාර තාවකාලිකව නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනුව ලොවට උපදෙස් දුන්නේය. එම උපදෙස් පිළිපඳින බව පවසා ඇති යුරෝපා රටවල් වන්නේ ප්‍රංශය, ඉතාලිය සහ බෙල්ජියම ය.
ජිනීවාහිදීය (රොයිටර්)