හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නවා



දකුණු කොරියාවේ ‘සතුරුකම්’වලට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීමට පසුබට නොවන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙනුවෙන් ඔහුගේ සොහොයුරිය කිම් යෝ ජොන් දකුණු කොරියාවට අනතුරු අඟවා ඇත.

උතුරු කොරියාව මේ වනවිට අසල්වැසි දකුණු කොරියාව සමඟ සියලු සබඳතා නවත්වා ඇත. ඊට හේතුව වී ඇත්තේ දකුණු කොරියාවේ රහස් කුමන්ත්‍රණ යැයි ද නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය කිම් යෝ ජොංග් පැහැදිලි කර තිබේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS