සෙනගාලයෙන් පළමු ආසාදිතයා හමුවෙයි



අප්‍රිකාවට අයත් සෙනගාල් රාජ්‍යයෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී තිබේ.

සෙනගාලය අප්‍රිකා රටකි. අයත් වන්නේ උප සහරා කලාපයටය. ඒ අනුව, උප සහරා  අප්‍රිකා රටකින් කොරෝනා ආසාදිතයකු හමුවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර නයිජීරියාවෙන් ද කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.

සෙනගල් සෞඛ්‍ය ඇමැති දියෝෆ් සාර් මාධ්‍ය හමුවේ කියා සිටියේ හමුවුණු මෙම ආසාදිතයා සෙනගාලයේ පදිංචි ප්‍රංශ වැසියකු බවය. මෙම ප්‍රංශ වැසියා පසුගිය දා යළි ප්‍රංශයට ගොස් ආපසු පැමිණි අයකු යැයි ද පැවැසෙයි.

එම ආසාදිතයා සෙනගාල් හි ඩකාර් අගනුවර නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ බව සෙනගල් සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS