සිවුදෙනා පෝරකයට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බස් රියක් තුළදී ජෝති සිං හෙවත් නිර්භයා යන නමින් හැඳින්වෙන 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණය කළ අපරාධකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම හෙට (3) ක්‍රියාත්මක කෙරේ.
වෛද්‍ය ශිෂ්‍යාව අමානුෂික අයුරින් දූෂණය කෙරුණේ 2012 දෙසැම්බර් 16 වැනිදාය. ලැබූ තුවාල හේතුවෙන්, රෝහල් ගත කෙරුණු ඇය දින කීපයකට පසු මියගියේ ඉන්දියාව පමණක් නොව, මුළු ලොවම කලඹමින්ය. මුඛේෂ් සිං, වින්යා ෂර්මා, අක්ෂේ තාකූර් සහ පවන් ගුප්තා යන එම අපරාධකරුවන් සිවු දෙනා අද (3) තිහාර් බන්ධනාගාරයේ දී එල්ල මරා දැමෙනු ඇතැයි පැවැසෙයි.
නවදිල්ලියේදීය (රොයිටර්)