සැප නැවක කොරෝනා බියක්



කොරෝනා බියක් හටගෙන තිබූ කෲස් නැවක් පැය 12 ක් රඳවා තබා ගැනීමට ඉතාලි රජය කටයුතු කළේය.

ඉතාලියේ සිවිටාවෙච්චියා වරායට සේන්දු වූ මෙම නැවේ චීන ජාතිකයන් දෙදෙනකු සිට ඇති අතර, ඒ අතර සිටි චීන කාන්තාව රෝගී වීම කොරෝනා බියට හේතුවක් විය.

නැව වරයේ රඳවා මගීන්ට ඒ තුළ රැඳී සිටින්නැයි උපදෙස් දී රෝගී කාන්තාවගේ රුධිර පරීක්ෂණයක් කළ බවත්, එම පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා වයිරසය වැළඳී නොමැති බව තහවුරු වුණු බවත් ඉතාලි සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

කොස්ටා සමෙරෙල්ඩා නමැති මෙම කෲස් නැවේ සිටි සංචාරක මගීන් ගණන 1,400 ක් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS