සාම ගිවිසුමට අත්සන් තබන්න සූදානම්
ඇමෙරිකා නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාම ගිවිසුමකට අත්සන් තැබීමට සියලු කටයුතු සූදානමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති ‘තලේබාන් සාම කාර්යාලය’ හරහාය.
අවසන් සාකච්ඡා සඳහා ඇමෙරිකා සහ තලේබාන් නියෝජිතයන් පමණක් නොව, පාකිස්තානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ද සහභාගී වුණැයි ද පැවැසෙයි.
(අල් ජසීරා)