ස්පාඤ්ඤයේ මරණ 292 ක්



ස්පාඤ්ඤයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන අද වනවිට (16) 292 දක්වා ඉහළ ගියේය. වයිරස ආසාදිතයන් ගණන 7,844 ක් ලෙස වාර්තා විය.

ඊයේ (15) දිනයේ පමණක් ස්පාඤ්ඤයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 2,000 ක් හමුවුණු බව එරට සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

ගතවුණු පය 24 ඇතුළත ස්පාඤ්ඤයෙන් මරණ සියයක් වර්තා විය. ඉතාලියෙන් පසු දරුණු ලෙස කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පැතිරෙන යුරෝපා රට ලෙස සැලකෙන්නේ ස්පාඤ්ඤයයි.

මැඞ්රිඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS