සයිබීරියාවේ උණුසුම ඉහළ යයි



ගෝලීය උණුසුමේ අහිතකර ප්‍රතික්‍රියාවක් ලෙස රුසියාවට අයත් සයිබීරියාවේ උෂ්ණත්වය ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ආක්ටික් කලාපයට සමීපව පිහිටා ඇති බැවින්, සයිබීරියාවේ පවතින්නේ දැඩි සීතල කාලගුණයකි. පසුගිය ජූනි 20 වැනිදා සයිබීරියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක අගයක් වාර්තා කළේය.

උෂ්ණත්වය ඉහළ යෑම වැඩි වෙමින් පවතින බවත්, එහි අඩුවීමක් පෙනෙන්න නොමැති බවත් සයිබීරියානු කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS