සටන් විරාසයක් ඕනෑ - රුසියාව
නගර්නෝ කරබාක් ප්රදේශය මුල් කරගනිමින් ඇති වී තිබෙන ගැටුම් නවතා ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්රකාශ කරන්නැයි රුසියාව සහ ප්රංශය යන රටවල ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට අවධාරණය කළහ.
සටන් විරාමයක් ඇති කරගෙන හැකි ඉක්මනින් සාකච්ඡා පවත්වන්නැයි එම ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට දැන්වූහ.
‘‘දෙරටේ හමුදා අතර තිබෙන ගැටුම් නවතා ඉක්මනින් සටන් විරාමයක් ප්රකාශයට පත් කරන්න’’ ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්රකාශ කළහ.
එම රටවල ජනාධිපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී තිබූ අතර එලීසේ මාලිගය එම නිවේදනය නිකුත් කර තිබිණි.
‘‘ප්රමාද නොකර ඉතා ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන්නැයි අපි ආර්මේනියානු සහ අසර්බයිජාන නායකයන්ට අවධාරණය කරනවා’’ යැයි එම ජනාධිපතිවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ආර්මේනියාව සහ අසර්බයිජානය අතර තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එම රටවල් 1990 වසරේ සිට එක්ව කටයුතු කරයි. යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වන සංවිධානයේ ‘මින්ස්ක්’ කණ්ඩායමේ සම සභාපතීත්වය හොබවන්නේ ද මෙම රටවල් ත්රිත්වයයි.
‘මින්ස්ක්’ කණ්ඩායම පිහිටුවනු ලද්දේ ද ආර්මේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදය සාමකාමී අයුරින් විසඳීමත් දෙරට අතර සාකච්ඡා පැවැත්වීමත් යන අරමුණු ඇතිවය.
ඒ.එෆ්.පී.