ෂාරුක්-සල්මාන්-අමීර්ගේ විරෝධය



ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් බොලිවුඩයේ සුපිරි නළුවන් තිදෙනකු වන ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් විරෝධය පළ කර ඇත.

ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් මුස්ලිම් වැසියන් ය. මොවුන් තිදෙනා පමණක් නොව, සම්මානනීය කැපී පෙනෙන මුස්ලිම් අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ ඉන්දීය කලාකරුවෝ රැසක් ද සංශෝධනයට ලක් කළ පුරවැසි පනත සම්බන්ධයෙන් විරෝධය සහ අප්‍රසාදය ඉන්දීය රජයට පළ කර ඇතැයි වාර්තා වේ.

‘රජය කළ යුත්තේ රට වැසියන් අතරේ සමඟිය ඇති කිරීමයි. කාන්තාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. ධරිද්‍රතාව නැති කිරීම, අධ්‍යාපනයට මුල් තැන දීම සහ රැකියා අවස්ථා නිර්මාණයයි.රට සමෘද්ධිමත් කිරීමයි. ආගම් අතරේ බෙදීමක් ඇති කරමින් දේශපාලනික වශයෙන් වාසි ගැනීම සුදුසු නැහැ.’ යැයි ෂාරුක් ඛාන් පවසා ඇත.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS