ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ඇරැයුම් කළ යුතුයි
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට මාලදිවයිනට පැමිණ ජීවත් වන ලෙස ආරාධනාවක් කළ යුතු යැයි එරට හිටපු විදේශ අමාත්‍ය දුන්යා මවුමූන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් වැසියන්ගේ දේහ සම්බන්ධයෙන් අවසන් ඉස්ලාමීය ආගමික වත් පිළිවෙත් කිරීමට පහසුකම් සැපයීම සඳහා සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සලකා බලන්නේ යැයි මාලදිවයිනේ රජය කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් වැසියන්ගේ දේහ ඉස්ලාමීය ආගමික චාරිත්‍රවලට අනුව කිරීමට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි අදාළ පාර්ශවවලින් උපදෙස් ලබාගනිමින් සිටින බව මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීද් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉකුත් දා (14) සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන සමීප සහ දීර්ඝකාලීන සබඳතා සැලකිල්ලට ගනිමින් වසංගතයේ හමුවේ මුහුණ දෙන අභියෝගවලට සහාය දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි එම තීරණය ගෙන ඇතැයි ද මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීද් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. ආදරණීයන්ගේ භූමදානය සම්බන්ධයෙන් ශෝක වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මෙම උපකාරයා සහ සහ සහයෝගය අසල්වැසිල්ලක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කර තිබිණි.
මාලදිවයිනේ වත්මන් විදේශ අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩවලට ප්‍රතිචාර දක්වමින් එරට හිටපු විදේශ අමාත්‍යවරිය වන දුන්යා මවුමූන් ට්විට්ර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
එම ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්විණි.
“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට මාලදිවයිනට පැමිණ ජීවත්වන ලෙස ආරාධනා කළ යුතු යැයි මම හිතනවා. ආණ්ඩුව සහ ඔය කියන “ෂීක්වරුන්” එසේ නොකිරීම ගැන මම පුදුම වෙනවා. ‘කොවිඩ්-19’ වැළැදී මිය යන මුස්ලිම් වැසියන්ට අපේ ආගම අනුව අවසන් චාරිත්‍ර කිරීමට මුස්ලිම් සුඵතරයට ඇති අයිතියට ගරු කරන්නැයි මා ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා”.
හර්ෂණ තුෂාර සිල්වා